ගෝඩා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
Related Articles
නීතිවිරෝධී මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පිලියන්දල සහ කොටිකාවත්ත අංගොඩ ප්රදේශවලින්. බොල්ගොඩ ගඟ ප්රදේශයේදී එක් වැටලීමක් සිදුකළේ බස්නාහිර පලාත් දකුණු අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ නිලධාරින්ගේ මෙහෙයවීමෙන්. ගෝඩා මිලිලීටර තුන්ලක්ෂ හතලිස් අටදහස් හත්සිය පනහක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනෙක් වැටලීමේදී ද ගෝඩා මිලිලිටර එක්ලක්ෂ හැත්තෑ පන්දහසක් සිය භාරයට ගත් බවයි බස්නාහිර පලාත් දකුණු අපරාධ විමර්ෂණ කොට්ඨාසය සදහන් කරන්නේ. සැකකරුවන් කැස්බෑව සහ අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.