fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී ලංකාවට උපරිම සහාය දෙන බව චීනය කියයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2020 08:37

කොරෝනා වසංගතයෙන් පසු ශ‍්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය සඳහා උපරිම සහාය ලබාදීමට සුදානම් බව චීනය ප‍්‍රකාශ කළා.

ඒ මෙරට වැඩබලන චීන තානාපති හූ වෙයි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පැවති සාකච්ඡාවේදී. කොරෝනා වසංගතයෙන් චීනය බලපෑමට ලක්වූ අවස්ථාවේදී ශ‍්‍රී ලංකාව කටයුතු කළ ආකාරය අගය කරන බවයි තානාපතිවරයා පෙන්වා දුන්නේ. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ අනාගත අභියෝග ජයගැනීමට උපකාර කිරිම චීනයේ අපේක්ෂාව බවයි හූ වෙයි මහතා සදහන් කළේ.

ඒ වෙනුවෙන් චීන මධ්‍යම ආණ්ඩුවේ සහාය, එරට ප‍්‍රධාන පෙලේ සමාගම්වල හා බැංකුවල සහභාගීත්වය ලැබෙනු ඇතැයි ඔහු පෙන්වා දුන්නා.කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට ආර්ථිකයට හානිකර ප‍්‍රතිඑල උදාවී ඇති බවයි ජනාධිපතිතුමා සදහන් කළේ. විදේශ විනිමය ආදායම් විශාල ලෙස පහත වැටීම එහි ප‍්‍රධාන ගැටලුවක්.

නිෂ්පාදන ආර්ථිකයක් මත පදනම් වු නව සංවර්ධන මාදිලියක් අනුගමනය කිරීමයි ශ‍්‍රී ලංකාවේ සැලසුම. එය සාර්ථක කරගැනීමට මිත‍්‍ර රටවල සහාය අපේක්ෂා කරන බවද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2020 08:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්