fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අත්‍යවශ්‍ය සේවා ඇදිරි නීති බලපත‍්‍ර කාලය දිර්ඝ කෙරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2020 09:30

අත්‍යවශ්‍ය සේවා ඇදිරි නීති බලපත‍්‍ර කාලය මැයි 31 වනදා දක්වා දී්ර්ඝ කර තිබෙනවා. එම බලපත‍්‍රවල වලංගු කාලසීමාව අදින් අවසන් වීමට නියමිතව තිබු බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙන්නේ.

පසුගිය පැය 24 දී ඇදිරි නීතිය උල්ලංඝණය කළ 544 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා.

ඇදිරි නීති කාලසීමාව තුළ මත්පැන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තිස්පන් දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේ.

නීති උල්ලංඝණය කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2020 09:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo