අද (30) රාත්‍රී 8 සිට මැයි 4 වන සදුදා උදෑසන 5 දක්වා දිවයිනටම ඇදිරිනීතිය බල පැවැත්වෙනවා. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට ඇදිරිනීතිය අඛණ්ඩව ක්‍රියාත්මකයි.
කොළඹ, ගම්පහ, කලුතර හා පුත්තලම යන දිස්ත්‍රික් හැර සෙසු දිස්ත්‍රික්වල ඇඳිරිනීතිය අද (30) පෙරවරු පහට ඉවත් කෙරුණා. ඇඳිරිනීතිය ඉවත් කෙරුණු දිස්ත්‍රික්වලට අද (30) රාත්‍රී 8 පැනවෙන ඇඳිරිනීතිය මැයි මස 4 වනදා අලුයම 5 දක්වා ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. ඒ අනුව අද (30) රාත්‍රී අටේ සිට මැයි 4 වනදා අලුයම පහ දක්වා සමස්ත දිවයිනටම ඇඳිරිනීතිය බලපැවැත්වෙනවා.
ඇඳිරිනීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල පුද්ගලයන් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා පිටතට පැමිණිමේදී තමාගේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකවලට අදාළව නිකුත් කර ඇති දිනයන් ඒ සඳහා යොදාගත යුතුයි. ඒ අනුව සඳුදා දිනයේ නිවසින් බැහැරව යාමට අවසර ලැබෙන්නේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය 1 හෝ 2 සඳහන්ව ඇති පුද්ගලයන්ට පමණයි. අංක 3 හෝ 4 සහිත පුද්ගලයන්ට අඟහරුවාදා දිනයේත් අංක 5 හෝ 6 සහිත පුද්ගලයන්ට බදාදා දිනයේත් නිවසින් බැහැරව යාමට අවසර හිමිවනවා. අංක 7 හෝ 8 සහිත පුද්ගලයන්ට බ්‍රහස්පතින්දා දිනයේ මෙන්ම අංක 9 හෝ බිංදුව සහිත පුද්ගලයන්ට සිකුරාදා දිනයේත් නිවසින් බැහැරව යාමට ඉඩ සැලසෙන බවයි පොලීසිය පවසන්නේ.
දිස්ත්‍රික් අතර ගමනාගමනය, රැකියා අවශ්‍යතා ඇතුලු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමාකර තිබෙනවා. රැකියාව සඳහා පිටත්ව යන්නන්ට හා අත්‍යවශ්‍ය සේවාවල නිරත වන්නන්ට ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අදාළ නොවන බවයි පොලීසිය නිවේදනය කර ඇත්තේ.