අධිකරණ පද්ධතිය තුළ නවීන තාක්ෂණය යොදා ගනිමින් නඩු කටයුතු විසදීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ ක්‍රියාමාර්ග වලට අනුවයි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන්නේ.
කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ අධිකරණ වෙත සැකකරුවන් රැගෙන ඒම නවතා දමා ඒ සඳහා ස්කයිප් තාක්ෂණය ඔස්සේ නඩු ඇසීමට ගනු ලැබූ ක්‍රියාමාර්ගය මේ වන විට සාර්ථක වී තිබෙනවා. ඒ අනුවයි අධිකරණ අමාත්‍යාංශය නඩු කඩිනමින් විභාග කිරීමට පියවර ගෙන ඇත්තේ. මෙම ක්‍රියාමාර්ගය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි බවත් මේ වන විට අදාළ තාක්ෂණික උපකරණ සපයන ආයතන සනාථ කර ගෙන ඇති බවත් ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව වෙනුවෙන් එම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ජනාධිපති නීතීඥ යු ආර් ද සිල්වා මහතා පවසනවා.