ලොව පුරා කොවිඩ් 19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ තිස්දෙක ඉක්මවා තිබෙනවා.
ලොව පුරා රටවල් 210 කින් කොවිඩ් 19 වෛරසය ආසාදිතයන් 3,220,268ක් වාර්තා වී තිබෙනවා. ආසාදිතයන් 228,224ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. වැඩිම මරණ හා ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. ගත වූ පැය 24 තුළ ආසාදිතයන් 28,429 දෙනෙකු හඳුනාගෙන ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 2,390ක්. ඒ අනුව එරටින් වාර්තා වන මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,064,572ක් ලෙසයි සඳහන්ව ඇත්තේ.