කොවිඩ් නයින්ටීන් සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට අදත් රුපියල් මිලියන 3 ක පරිත්‍යාග ලැබී තිබෙනවා. ඇමෙරිකා ඩොලර් ලක්ෂයක් පමණ වටිනා වෛද්‍ය උපකරණ තොගයක් ද පරිත්‍යාග කෙරුණා.
ශ්‍රී ලංකා ගුවන් සේවා විධායක නිලධාරීන්ගේ හා කළමනාකරුවන්ගේ සංගමය රුපියල් මිලියනයක මුදලක් කොවිඩ් නයින්ටීන් සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කළා. සංගමයේ සභාපති උපාලි රූපසිංහ මහතා ඇතුලු පිරිසක් එම මුදල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දුන්නා. ජෙනෙක්ස් සමාගමේ මැදිහත්වීමෙන් ක්ෂව්මි ශ්‍රී ලංකා ජංගම දුරකථන සමාගම රුපියල් මිලියන 2 ක මුදලක් පරිත්‍යාග කළා. ක්ෂයෝමි ලංකා ජංගම දුරකතන සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත රජිව් ගුණරත්න මහතා මෙම මුදල අග්‍රාමාත්‍යවරයා වෙත ලබා දුන්නා. මෙම පරිත්‍යාග අද දිනයේදීම සමාජ ආරක්ෂණ අරමුදලට ලබා දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දීමට අග්‍රාමාත්‍යවරයා ක්‍රියා කළා.
මේ අතර ජපානයේ කොන්සල්ජනරාල් කාර්යාලයේ මැදිහත්වීමෙන් ඇමෙරිකා ඩොලර් ලක්ෂයක් පමණ වටිනා වෛද්‍ය උපකරණ තොගයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දුන්නා. පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමීන්වහන්සේ ද ජපානයේ කොන්සල්ජනරාල් කාර්යාලයේ නියෝජිත සුනිල් ගමගේ මහතා ද මෙම අවස්ථාවට එක්වුණා.