fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වර්ෂාවත් සමඟ ඩෙංගු අවදානමත් ඉහළ යයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2020 15:39

වර්ෂාවත් සමඟ ඩෙංගු අවදානම ඉහළ යන බැවින් ඒ පිළිබඳ විශේෂ අවධානය යොමුකළ යුතු බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

ඉදිරියේ දී ඩෙංගු මදුරු ගණත්වය ඉහළ යාමේ තත්ත්වයක් පවතිනවා. විශේෂයෙන් නාගරික හා ජනාකීර්න ප්‍රදේශවල පසුගිය වසරේ ඩෙංගු රෝගීන් බහුලව වාර්තා වුණා. එමෙන්ම මැයි මාසයේ සිට ජූලි මාසය දක්වා අතර කාලයේදී ද ඔක්තෝබර් සිට ජනවාරි දක්වා කාලයේදී ද වැඩි රෝගීන් පිරිසක් වාර්තා වී තිබෙනවා.

මේ පිළිබඳ විශේෂ අවධානය යොමුකළ යුතු බවයි ඩෙංගු මර්දනය සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරිය කියාසිටියේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2020 15:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්