fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා සටන් පෙරමුණේ සිටි වෛද්‍යවරියක් මානසික ආතතිය හේතුවෙන් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2020 15:16

කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කළ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ වෛද්‍යවරියක මානසික ආතතිය හේතුවෙන් මියගියා.

ඇය නගරයේ ප‍්‍රධාන රෝහලක හදිසි ප‍්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරියක්. කොරෝනා රෝගින් වෙනුවෙන් ඇය පසුගිය දිනවල දැඩි කැපවීමෙන් කටයුතු කළ බවයි වෛද්‍යවරුන් පවසන්නේ. ප‍්‍රතිකාර අතරතුර ඇයට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර සති එකහමාරකට පසු සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා.

මියයාමට පෙර වෛද්‍යවරිය සිය පියාට පවසා ඇත්තේ තම සහයකයන් බොහෝ කාර්ය බහුල වී සිටින බවයි. කෙසේ වෙතත් 49 හැවිරිදි තම දියණියට මින් පෙර මානසික ගැටලුවක් නොතිබු බවයි වෛද්‍යවරියගේ පියා ප‍්‍රකාශ කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2020 15:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්