fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වයඹදිග සිරියාවේ දී ඉන්ධන ප‍්‍රවාහන ට‍්‍රක් රථයක් පුපුරා යාමෙන් 40ක් මරුට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2020 15:06

වයඹදිග සිරියාවේ දී ඉන්ධන ප‍්‍රවාහන ට‍්‍රක් රථයක් පුපුරා යාමෙන් හතලිස් දෙනෙකු මියගියා.

කුඩා ළමයින් 11 දෙනෙකු ද ඒ අතර වන බවයි තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ. පිිපිරිමෙන් පනහකට ආසන්න පිරිසක් තුවාල ලැබුවා. තුර්කි පාලනය යටතේ පවතින සිරියාවේ අෆ්රින් නගරයේ දි කාර්ය බහුල වේලාවක පුපුරායාම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප‍්‍රහාරයේ වගකිම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැහැ. එහෙත් කුර්දි ජනතා ආරක්ෂක පෙරමුණ ඊට සම්බන්ධ බවට තුර්කිය චෝදනා කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2020 15:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්