කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා 3,080,101 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා.
සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 929,077ක්. වෛරස ආසාදනය හේතුවෙන් මරණ 212,265 ක් වාර්තා වනවා.
රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 210 ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
ගත වූ පැය 24 ට චීනයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 6 ක්. ඉන් 3 දෙනෙකු විදේශිකයන් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. එම කාලයේදී 81 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර කිසිදු මරණයක් වාර්තා වි නැහැ.