සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්
Related Articles
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවා ඇති කොරෝනා මර්දන කාර්ය සාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටු රැස්වීමේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.
විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විතයි. කමිටුව රැස්වුණේ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ඇඳිරිනීතිය ඉවත් කර ඇති දිස්ත්‍රික්වල රෝහල්වලට පැමිණෙන රෝගීන්ට සුවසේවා අඛණ්ඩව සැලසීමට මෙහිදී තීරණය කෙරුණා. එමෙන්ම ප්‍රතිකාර සේවාවල නිරත වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලය සීමා කිරීමට හා සේවයට ගෙන්වා ගන්නා කාර්ය මණ්ඩලවලින් උපරිම සේවාවක් ලබා ගැනීමේ ක්‍රමවේදයක් පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා. එමෙන්ම ආරක්ෂිත ඇඳුම් හා අනෙකුත් උපකරණ තව තවත් ලබා දීම පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.
ප්‍රාදේශීය මට්ටමින් විශාල කාර්යභාරයක් ඉටු කරන සෞඛ්‍ය නිලධාරී කාර්යාලවලට අමතර වාහන ලබා දෙනු ඇති. PCR පරීක්ෂණ තවත් වැඩි කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුවේ හා ලෝක බැංකු ව්‍යාපෘතිවලින් මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම පිළිබඳව ද කමිටු රැස්වීමේදී අවධානය යොමු වුණා.