නවසීලන්තයේ කොරෝනා වයිරසය පැතිරයාම පාලනය සඳහා පැනවූ නීති ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා.
මේ වනවිට අධි අවදානම් මට්ටම පසුකර ඇති බවයි නවසීලන්ත සෞඛ්‍ය අංශ පවසන්නේ. ලක්ෂ හතරක පමණ පිරිසක් මේ වනවිට සේවා ස්ථාන වලට වාර්තාකර තිබෙනවා.
ඇතැම් පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ද විවෘත කර ඇති බවයි එරට වාර්තා පවසන්නේ. එරටින් වාර්තාවූ ආසාදිතයින් සංඛ්‍යාව 1,472 ක්. මරණ 19 ක් ද සිදුවුණා.