නාවික හමුදා භටයින් රැගත් ලංගම බස් රථයක් අම්බලන්ගොඩ රන්දොඹේ සංඝරාජ විහාරය ඉදිරිපිටදී මර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අනතුරට ලක්ව තිබෙනවා.
ඉන් තුවාල ලැබූ නාවික භටයින් 5 දෙනකු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලීසිය සඳහන් කළේ. රියදුරුට නින්දයාම අනතුරට හේතුව බව මූලික පරීක්ෂණවලදී හෙළිවුණා.