කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද සිට සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා.
අසාද්‍ය තත්ත්වයෙන් දින 3 ක කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඔහු දින කිහිපයක් විවේක ගැනීමෙන් අනතුරුව ඩවුනින් හි පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට රාජකාරි කටයුතු සඳහා පැමිණෙන බවයි බ්‍රිතාන්‍ය වාර්තා සඳහන් කළේ.
අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේ මුලසුන ද අග්‍රාමාත්‍යවරයා හෙබවීම සිදු කරන්නේ සති 3 ක පමණ කාලයකට පසුවයි. බ්‍රිතාන්‍යයේ මේ වන විට පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් එරට නීති ලිහිල් කිරීම පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීමට නියමිතව තිබෙනවා. බ්‍රිතාන්‍යයේ දෛනික කොරෝනා පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීමට පියවර ගෙන ඇති අතර දිනකට පරික්ෂණ පනස් දහසක් සිදුකිරීමේ හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.
මේ අතර වසංගත ව්‍යාප්තිය හමුවේ බ්‍රිතාන්‍ය ගෘහස්ථ හිංසනය සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරනවා. ඒ සඳහා කටයුතු කරන එරට පුන්‍ය ආයතනයක් පවසන්නේ ඔවුන්ට දෛනිකව ලැබෙන ඇමතුම් 700 %කින් ඉහළ ගොස් ඇති බවයි.