fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇඳිරිනීතිය ඉවත් කළත් බස් රථ යොදවන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 26, 2020 17:14

ඇඳිරිනීතිය හෙට දින ඉවත් කරන ප්‍රදේශවලද බස් රථ යොදවන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බව මගී ප්‍රවාහන කළමනාකරණ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අද(26) අඟුණකොළපෑලැස්ස නිවෙසේදී මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියා.

“ඇඳිරිනීතිය ලිහිල් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමයි. රාජ්‍ය සේවා සහ කර්මාන්ත පවත්වාගෙන යාමයි. නමුත් අද වන විට අපිට පේනවා ජනතාව වැඩි ප්‍රමාණයක් තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ගමනාගමනය කරනවා.

ලංකාගමන මණ්ඩලයට බස් රථ පන්දහසක් පමණ සහ පෞද්ගලික අංශයේ බස් රථ විසිදහසකට වැඩි ප්‍රමාණයක් ධාවනය කරනවා. දැනට තියෙන සෞඛ්‍ය විදිවිධාන අනුව ඒ අය කැමැති නැහැ බස් රථ ධාවනය කරන්න.

හෙට දිනයේදී පොදු ප්‍රවාහනයට බස් රථ යෙදවූවොත් අනිවාර්යයෙන් ජනතාව විශාල වශයෙන් ඒ වෙතට ඇදී එනවා. මේ නිසා බස්රථ යොදවන්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණයි.

ඇඳිරිනීතිය ලිහිල් කළත් මගීන් පොදු ප්‍රවාහන සේවාවලට එකතුවන්නට උත්සාහ කරන්න එපා. ගමන් බිමන් යන්න යොදවාගන්න එපා. රාජ්‍ය සේවයේ අයත් තමන්ගෙ පෞද්ගලික වාහන භාවිත කරන්න. රාජකාරි හැඳුනුම්පත භාවිතා කරමින් වෙනත් කටයුතුවලට යොදාගැනීමත් බරපතළ වරදක්.

මේ උවදුර තවමත් අපිට පාලනය කරගන්න පුළුවන් මට්ටමක තිබෙන්නේ. අපි අපරික්ෂාකාරීව කටයුතු කළොත් මෙය අපේ පාලනයෙන් ගිලිහෙන්න ඉඩ තිබෙනවා. එහෙම ගිලිහුනු රටවල් වල තත්ත්වය ගැන අත්දැකීම් අපි හැමෝටම තිබෙනවා. ඒ තත්ත්වයට පත් නොවෙන්න වගබලාගන්න. රජය විදියට අපිට ගන්න පුළුවන් සියලුම ක්‍රියාමාර්ග අපි ගන්නවා.”

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 26, 2020 17:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්