fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාරහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය විෂබීජහරණය කෙරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 26, 2020 13:37

නාරහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය විෂබීජහරණය කිරීමට පියවර ගැනුණා.

පිටකොටුව මැනිං වෙළෙදපොළ වසා දැමීම හේතුවෙන් මෙම මධ්‍යස්ථානය දින කිහිපයක් තොග වෙළෙදුන් සඳහා විවෘත තැබූ බැවින් මෙම පියවර ගත් බව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු ප්‍රශාන් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව, කොළඹ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා ශ්‍රි ලංකා පොලිසිය මේ සඳහා සහාය ලබා දුන්නා. ආර්ථික මධ්‍යස්ථානය මෙන්ම අවට පරිශ්‍රය ද විෂබීජහරණය කිරීමටයි කටයුතු කෙරුනේ.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 26, 2020 13:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්