වසා දැමුණු නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා.
කොවිඩ් 19 සඳහා වන මාර්ගෝපදේශයන්ට යටත්ව නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීමට සෞඛ්‍යසේවා අධ්යක්ෂ ජෙනරාල්වරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුවයි. නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරිණියකට කොරෝනා ආසාදනය වී ඇතිබවට හඳුනා ගැනීමත් සමඟ එම දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දැමුණා.