තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 467 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර PCR පරීක්ෂණ සිදු කිරීමේ ජංගම සේවාව ද ක්‍රියාත්මකයි.
මාතර දිස්ත්‍රික්කයේ PCR පරික්ෂණ සඳහා සෙමපටල ලබා ගැනීමේ ජංගම සේවය ඊයේ ආරම්භ කෙරුණා. එහි පළමු කණ්ඩායමේ පරික්ෂණ සිදු කෙරුණේ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩු ලබා නිවාසවලට පැමිණ සිටි නාවික සෙබලුන්ගේයි. කඹුරුපිටිය ප්‍රධාන බස් නැවතුම්පොළ ආශ්රිත හිස් භූමිය වෙත ඔවුන් කැඳවා පරීක්ෂණවලට අදාළ නියැදි ලබා ගැනීම සිදුකළා. මාතර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය , කඹුරුපිටිය , තිහගොඩ හා කිරින්දපුහුල්වැල්ල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශවලට අයත් නාවිකයන්ගේයි මෙම PCR පරික්ෂණ සිදු කෙරුණේ.
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 462 දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 462 දක්වා ඉහළ ගොස් තිබෙනවා.