බේරුවල ප්‍රදේශයේ හුදකලා කර ඇති ගම්මාන පහක ගර්භනී කාන්තාවන් පහලොස්දෙනාගේ පී සී ආර් පරික්ෂණ වාර්තා ලැබී තිබෙනවා.
එම කිසිදු කාන්තාවකට කොරෝනා ආසාධනයවී නොමැති බවටයි තහවුරු කරගෙන තිබෙන්නේ. ඒ අනුව ගර්භනී කාන්තාවන් බේරුවල රෝහලට යොමුකිරිමටයි නියමිත. දරු ප්‍රසුතිය ආසන්න දිනවලදී ඔවුන් කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කරන බව දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ආර් ජී සිංහබාහු මහතා සදහන් කළා.
කොළඹ පෞද්ගලික රෝහල්වල දරු ප්‍රසුතිය සිදුකිරිමට සැලසුම් කර ඇති මව්වරුන්ට ද ඒ සදහා අවස්ථාව හිමිවනවා.
එහෙත් හුදකලා කර ඇති ගම්මානවලින් පිටත්සර ඥාතියෙකුට ඇය සමග කොළඹ පෞද්ගලික රෝහලට යාහැකි බවයි සිංහබාහු මහතා පෙන්වා දෙන්නේ.