කොරෝනා වෛරස් පරික්ෂාව නිවසේ සිට සිදුකිරිමට ඇමරිකාව තීරණය කළා. එරට ආහාර සහ ඖෂධ ඒජන්සිය ඊට අනුමැතිය ලබාදී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඒ අනුව සෑම නිවසටකටම පරික්ෂණ කට්ටල බෙදාදීමටයි නියමිත. ලබාගන්නා සාම්පල නම්කරන ලද පරික්ෂණාගාරයක් වෙත යොමුකිරිමට තීරණය කර ඇතැයි ඇමරිකා මාධ්‍ය ප්‍රකාශ කළා.
මේ අතර ඇමරිකාවේ වෛද්‍යවරුන් සහ විෂබීජනාෂක නිෂ්පාදන සමාගම් රැසක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරෝධය පළකර තිබෙනවා. කොරෝනා ආසාධිතයන්ට විෂබීජනාශක ශරීරගත කළ යුතු බවට ට්‍රම්ප් ප්‍රකාශ කළා. එය අතිශය අවදානම් තීරණයක් බවයි වෛද්‍යවරුන් සහ විෂබීජනාෂක නිෂ්පාදන සමාගම් පෙන්වා දෙන්නේ.
කොරෝනා හේතුවෙන් ඇමරිකාවේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 52,193ක් දක්වා වැඩිවී තිබෙනවා. ආසාධිතයන් ගණන 925,232 ක්. පසුගිය පැය කිහිපයේදී පමණක් ආසාධිතයන් තිස්හත් දහස් එකසිය හැත්තෑ දෙනෙකු අලුතෙන් තහවුරු කරගෙන ඇති බවයි ඇමරිකා වාර්තාවල දැක්වෙන්නේ.