බංගලිදේශයේ හිටපු ක්රිිකට් නායක ෂකිබ් අල් හසන්ගේ ක්රිකට් පිත්ත වෙන්දේසි කිරීමෙන් ඩොලර් විසිහතර දහසක් උපයාගෙන තිබෙනවා.
එම මුදල් කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් එරට ජනතාවට සහන සැලසීම වෙනුවෙන් යොදාගැනිමටයි නියමිත. පසුගිය ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේදී ලකුණු 606 ක් රැස්කරගැනීමට ෂකිබ් අල් හසන් සමත්වුණා. ඒ සදහා භාවිත කළ ක්රිකට් පිත්ත මෙසේ වෙන්දේසි කර ඇති බවයි වාර්තා වන්නේ. නිව්යෝර්ක් හි පිහිටි පුන්යායතනයක සම නිර්මාතෘවරයෙකු වන බංගලිදේශ ජාතිකයෙකු ක්රිකට් පිත්ත මිලට ගෙන තිබෙනවා.
ක්රීඩා තරග ඔට්ටු තැබීමේ උත්සාහයන් පිලිබදව තොරතුරු වාර්තා කිරීමට නොහැකිවීම හේතුවෙන් ෂකිබ් අල් හසන් වසර දෙකක ක්රිකට් තහනමකට ලක්ව සිටිනවා.