බේරුවල ප්‍රදේශයේ හුදකලා කර ඇති ගම්මාන පහක ගර්භනී කාන්තාවන් පී සී ආර් පරික්ෂණයට යොමුකර තිබෙනවා.
පරික්ෂණ වාර්තා අද (25) ලැබෙන බවයි කලුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ආර් ජී සිංහබාහු මහතා සදහන් කළේ.
කොරෝනා ආසාධිතයන් කිහිප දෙනෙකු තහවුරු කරගැනීමත් සමග බේරුවල , පන්නිල සහ චීන කොටුව ප්‍රදේශ හුදකලා කිරිමටයි පියවර ගත්තේ.