පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙද සංකීර්ණය දින තුනකට පසු අද (25) දිනයේ යළි විවෘත කෙරුණා.
පිළියන්දල ප්‍රදේශයේ මත්ස්‍ය වෙළෙදාම් සිදුකළ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට පසුගිය දා තහවුරු වුණා. ඒ සමග පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ ව්‍යාපාරිකයින්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමටයි සෞඛ්‍ය අංශ ක්‍රියා කළේ. ඒ අනුව පසුගිය දින තුනේ තාවකාලිකව වසා දමා තිබූ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය තොග වෙළෙදාම සදහා අද අලුයම සිට විවෘතව තැබුණා.
එහෙත් තොග වෙළෙදුන් සුපුරුදු ලෙස නොපැමිණි බවයි මත්ස්‍ය වෙළෙදපොලේ වෙළෙදුන් පෙන්වා දුන්නේ.