රත්මාලන ගුවන් හමුදා කඳවුරේ 8වන බලඝණයේ ගුවන් හමුදා ඉන්ජිනේරුවරුන් වයි -12 ගුවන් යානයයක් ගුවන් ගිලන් රථයක් ලෙස වෙනස් කර වැඩිදියුණු කර තිබෙනවා.
ගුවන් හමුදාවේ අණදෙන නිලධාරි එයාර් මාෂල් සුමංගල ඩයස්ගේ උපදෙස් පරිදි සහ ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂකගේ අධීක්ෂණය යටතේ මේ කටයුතු සිදු කෙරුණා.
නවීකරණය කරන ලද ගුවන් යානයට විශේෂයෙන් නිර්මාණය කරන ලද වෛද්‍ය කට්ටලයක් Medical Evacuation Kit සවි කර ඇති අතර එය ventilator, infusion pumps සහ vital sign monitors වලින් සමන්විත වන අතර එය බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන් සඳහා භාවිතා කළ හැකියි.
ගුවන් යානයේ ඇති විවිධත්වය නිසා මධ්‍යස්ථ කාර්ය මණ්ඩලයට රෝගියා සදහා වැඩි ඉඩක් වෙන් කර තිබෙනවා.
රත්මාලන ගුවන් හමුදා කඳවුරේ ගගනගාමී ඉංජිනේරු ආධාරක අංශය විශේෂ වෙන් කළ හැකි වෛද්‍ය ඉවත් කිරීමේ ඇඳක් ද නිර්මාණය කරන කළා.
8වන බලඝණය ඊයේ (23) ශ්‍රී ලංකා රත්මාලන ගුවන් හමුදා කඳවුරේ ගුවන් පරීක්ෂණයක් පැවැත්වූ අතර එහිදී මෙම නව වෙනස් කිරීමේ සියලුම පද්ධති පරීක්ෂා කෙරුණා.
ගුවන් පරීක්ෂණය සෑම අංශයකින්ම සාර්ථක වූ අතර මෙහෙයුම මෙහෙයවනු ලැබුවේ 8වන බලඝණයණයේ අණදෙන නිලධාරී සමූහ කපිතාන් අමල් පෙරේරා විසින්.
රත්මාලන ගුවන් හමුදා කඳවුරු රෝහලේ අණදෙන නිලධාරී, සමූහ කපිතාන් සුජිත් පෙරේරා ගුවන් පරීක්ෂණය අතරතුර ගුවන් සේවා වෛද්‍ය නිලධාරියා ලෙස සහභාගී වුණා.
මෙම නව වර්ධනයත් සමඟ, COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය නිලධාරීන්ගේ ප්රයත්නයේ දී බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන් සඳහා ගුවනින් ප්‍රවාහනය කිරීමට මෙහෙයුම් සිදු කිරීමට ගුවන් හමුදාව සමත් වී තිබෙනවා.