කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා 2,732,948දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති සංඛ්‍යාව 751,243ක්.
මරණ 191,167 ක් වාර්තා වනවා.
ලොව පුරා රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 210 ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව පනස් දහසට ආසන්නවී තිබියදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ආසාදිතයන්ට විෂබීජනාශක එන්නත් කිරීම හා තාපකිරණවලට නිරාවරණය කිරීම වැනි ක්‍රම අත්හදා බැලිය යුතු බවයි. එහෙත් තාපය හමුවේ වෛරසය විනාශ වන බව මෙතෙක් තහවුරු වි නොමැති බවයි ඔහුගේ වෛද්‍ය උපදේශකයන් පවසන්නේ.
කොරෝනා මරණ ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමිව තිබෙන්නේ ඉතාලියටයි. ඉතාලිය වසා දැමීමේ නීති දැඩිකර ඇති අතර යුරෝපය තුළ වැඩිම කාලයක් වසා දමා ඇති රට වන්නේ ද ඉතාලියයි. මරණ සංඛ්‍යාව අධික වීම හා රට වසා දමා ඇති කාලය වැඩිවීම හේතුවෙන් මේ වන විට එරට ජනතාවගේ මානසික තත්ත්වය දුර්වල වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
ජපානය ප්‍රකාශයට පත්කර ඇති හදිසි තත්ත්වය වෛරස ව්‍යාප්තිය අවම කිරීමට සමත් වී නොමැති බව වෛද්‍යවරුන් සදහන් කරනවා. ටෝකියෝ නුවරින් පමණක් ආසාදිතයන් තුන්දහස් පන්සියයක් වාර්තා වී ඇති අතර එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දොළොස්දහස ඉක්මවා තිබෙනවා.
කොරෝනා වෛරසය හේතුවෙන් හානි වූ ඇමෙරිකා ආර්ථිකයේ කඩා වැටීම හමුවේ ආසියා කොටස් වෙළෙඳපොළ ද දරුණු අවපාතයකට ලක්ව තිබෙනවා. ජපානයේ නිකි 225 දර්ශකය සියයට දශම 5 කින් පහත වැටී ඇති බව ආර්ථික විශේෂඥයන් පවසනවා. කොරියා සමස්ත කොටස් මිල දර්ශක අගය පහත වැටී ඇති සංඛ්‍යාව සියයට දශම හයයි හයක්. හොංකොං රාජ්‍යයේ හැන්ග් ෂැන්ග් දර්ශක අගය 133 කින් පහත වැටී තිබෙනවා.
මේ අතර ෂැන්හායි සංයුක්ත දර්ශකය පහත වැටී ඇති අගය සියයට දශම 1 ක් බවයි බලධාරීන් පවසන්නේ.