කොරෝනා වෛරසය හමුවේ මතුව ඇති ආර්ථික ගැටලුවලට මුහුණ දීම සඳහා ඇමෙරිකාව තවත් නව කොවිඩ් නයින්ටීන් සහන පැකේජයක් සම්මත කර තිබෙනවා.
මෙම පැකේජය ඇමෙරිකා ඩොලර් බිලියන 484 ක එකක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
උද්ගතව ඇති තත්ත්වයට මුහුණ දීම සඳහා ඇමෙරිකාව එළිදැක්වූ 4 වන සහන පැකේජය මෙයයි.
මෙම සහන පැකේජය මගින් කුඩා ව්‍යාපාර සඳහා ආධාර මෙන්ම එරට රෝහල් සඳහා පරික්ෂණ පැවැත්වීමට ද සහන සැලසෙනවා.
මේ වන විට ඇමෙරිකාවේ ආසාදිතයන් අටලක්ෂ හතළිස්පන්දහස ඉක්මවා ඇති අතර මරණ හතළිස්හයදහස් අටසියය ඉක්මවනවා.