fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදුන් 529 දෙනෙකුට කොරෝනා නැති බව තහවුරුයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 24, 2020 11:28

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙදුන් 529 දෙනෙකුට සිදුකළ පීසීආර් පරීක්ෂණවලදී ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

පිළියන්දල ප්‍රදේශයේ මසුන් වෙළෙදාමේ නිරත පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීමත් සමග ඔහු පැමිණි ස්ථානවල පිරිස් පීසීආර් පරීක්ෂණවලට යොමු කිරීමට කටයුතු කෙරුණා. ඒ අනුව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ වෙළෙදුන් 529 දෙනෙකු පීසීආර් පරීක්ෂණ සදහා යොමුකළා.

ඔවුන්ගේ වාර්තා නිකුත් වී ඇති අතර ඉන් කිසිවෙකුටත් කොරෝනා වෛරසය ආසාදානය වී නොමැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ අද (24) දිනයේ පී සී ආර් පරික්‍ෂණ සිදු කිරීමට නියමිතව තිබුණ ද එම කටයුතු සිදුවන්නේ නැති බව අප වාර්තාකරු කියාසිටිනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 24, 2020 11:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්