මෙරට නව කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් සංඛ්‍යාව 368ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ ඊයේ දිනයේදී තවත් රෝගීන් 38 දෙනෙකු හදුනාගැනීමත් සමගයි. මෙය දිනක් තුළ මෙරටිව් වාර්තාවූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව ද වනවා.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ නාවික හමුදා සාමාජිකයින් 30 දෙනෙකු ද මෙම පිරිසට ඇතුළත් බවයි.
මේ වන විට කොරෝනා ආසාදිත රෝහල් ගතව සිටින පුද්ගලයින් 254ක්.