fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් සහ රාජ්‍ය නිලධාරීන් 101දෙනා දිවයිනට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2020 17:59

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ගුවන්තොටුපොළ වසා දැමිමත් සමඟ ඉන්දියාවේ සිරවී සිටින ශ්‍රී ලාංකික සිසු සිසුවියන් සහ රාජ්‍ය නිලධාරීන් 101 දෙනෙකු දිවයිනට අද (23) පැමිණියා. ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 1145 යානයෙන්.

මෙම පිරිස රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් නියමුවන් දෙදෙනෙකු හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 6 දෙනෙකු සමගින් මෙරටින් පිටත් වුණේ අද (23) උදෑසන 6.15 ට පමණයි. එය පස්වරු 2.27 ට දිවයිනට ළඟාවුණා. පැමිණි පිරිස විෂබීජහරණයට ලක් කිරීමෙන් පසු නිරෝධායනය සඳහා යොමු කිරීමටයි කටයුතු කෙරුණේ.

මේ අතර පාකිස්තානයේ ලාහෝර් හා කරච්චි සිට දිවයිනට පෙරේදා රැගෙන ආ ශ්‍රී ලාංකික සිසුවියන් දියතලාව හා වයික්කාල ප්‍රදේශවල නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට පියවර ගැනුණා. නේපාලය,  ඉන්දියාව,  පාකිස්තානය යන රටවල සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් 443 දෙනෙකු මෙරටට රැගෙන ඒමේ වැඩපිළිවෙළ රජය ක්‍රියාවට නංවා තිබෙනවා.

ඒ යටතේ නේපාලයේ කත්මන්ඩු අගනුවර සිට සිසු සිසුවියන් 93 දෙනෙකු ඉදිරි දිනවලදී රැගෙන ඒමටයි සැළසුම් කර ඇත්තේ.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2020 17:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්