රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග රැසක්
Related Articles
කොරෝනා වෛරසය පාලනය හා මර්දනය සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලින් ආධාර හා ප්‍රදානයන් විශාල වශයෙන් ලැබෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
කොරියා සමාගමක් මගින් සෞඛ්‍ය කණිෂ්ඨ කාර්ය මණ්ඩල සඳහා රුපියල් ලක්ෂ 5 ක් වටිනා වියළි ආහාර මළු තොගයක් භාර දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරුණා.
මෙරට ඇගලුම් ආයතනයක් මගින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ආරක්ෂිත ඇදුම් කට්ටල 1500 ක් පරිත්‍යාග කිරීම ද සිදු කෙරුනේ ඊයේ (22) දිනයේදීයි. ඩයලොග් ආයතනය මගින් සේවා සම්බන්ධතා සහිත ජංගම දුරකතන 250ක් සහ අන්තර්ජාල සම්බන්ධතා 80 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කළා. සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම ප්‍රදානයන් භාරගත්තා.