දඹගල්ල පොලිස් වසමේ ගලඔය ජාතික වනෝද්‍යානයේ වැටලීමකට එක්ව සිටි වනජීවී නිලධාරියෙකු දඩයම්කරුවන් සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණා.
ඉගිනියාගල වනජීවී කාර්යාල නිලධාරීන් කණ්ඩායමකට දඩයම් කරුවන් පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් මෙම නිලධාරියා මිය ගොස් ඇති බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 25 හැවිරිදි වනජීවී නිලධාරියෙක්.
වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් 4 දෙනෙකු ඒ සදහා උපයෝගී කර ගත් බෝර 12 ගිනි අවියක්ද සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් දඹගල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.