fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව පුරා කොරෝනා මරණ එක්ලක්ෂ හැත්තෑ හත්දහස ඉක්මවයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2020 09:41

කොරෝනා ආසාදනයෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව එක්ලක්ෂ හැත්තෑ හත්දහස ඉක්මවා ගියා.

විසි පන් ලක්ෂ පනස්  හත්දහසට වැඩි පිරිසක් වයිරසයට ගොදුුරු වීඇති බවයි වාර්තා වන්නේ. වැඩිම ආසාදිතයන් වන අට ලක්ෂය ඉක්ම වූ සංඛ්‍යාවක් වාර්තා වූයේ ඇමරිකාවෙන්.

හතලිස් පන් දහසකට වැඩි පිරිසක් ඇමරිකාවේ මියගොස් තිබෙනවා.

දෙවනුවට වැඩිම මරණ වාර්තා වුණේ ඉතාලියෙන්. එම සංඛ්‍යාව විසි හතර දහස් හයසීය ඉක්මවනවා. ආසාදිතයන් ගණන එක්ලක්ෂ අසූ හතර දහසකට ආසන්න බවයි ඉතාලි සෞඛ්‍ය අංශ තහවුරු කළේ .

ස්පාඤ්ඤයෙන් ආසාදිතයන් දෙලක්ෂයකට වැඩි ගණනක් හමුවුණා. මියගිය ගණන විසි එක්දහස් දෙසිය අසූව ඉක්මවනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2020 09:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්