ලයිරිඩ් උල්කා වර්ෂාව අද (22) රාතී‍්‍රයේ දී වඩාත් පැහැදිලිව දැක ගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යඥ හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළා.
මෙම උල්කා වර්ෂාව ආරම්භ වී ඇත්තේ පසුගිය 16 වනදා. පසුගිය දිනවලට සාපේක්ෂව අද (22) දිනයේදී වැඩි උල්කාපාත සංඛ්‍යාවක් දැක ගත හැකි බවයි චන්දන ජයරත්න මහතා පෙන්වා දෙන්නේ.
කොරෝනා ව්‍යසනයත් සමඟ මිනිස් කි‍්‍රයාකාරකම් අඩුවීම හේතුවෙන් වායු දූෂණය අවම වීම නිසා අහස පැහැදිලිව දිස්වන බැවින් මෙවැනි උල්කාපාත දැකගැනීමට හැකි වී ඇති බවද චන්දන ජයරත්න මහතා සදහන් කළා.