fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජංගම වෙළදුන්ට පොලිසියෙන් දැනුම් දීමක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2020 09:10

ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ අලෙවි කරන ජංගම වෙළදුන්ට පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ඔවුන් අනුගමනය කළ යුතු කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන්. ඇදිරිනීතිය බලපැවැත්වෙන කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පුද්ගලයන් වෙත බලපත‍්‍ර නිකුත් කිරිමටයි පියවර ගැනෙන්නේ. ඊට අමතරව අත්‍යවශ්‍ය ආහාර නිවෙස් වෙත ලබාදීම ඔන්ලයින් ක‍්‍රමයටද සිදු කෙරෙනවා. එහෙත් අනුමැතිය ලබාදුන් පුද්ගලයන් තම වෙළද කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සිදු නොකිරිම නිසා කොරෝනා වයිරසය සාමාන්‍ය ජනතාව අතර ව්‍යප්ත වීමේ අවධානමක් පවතින බවයි පොලීසිය පවසනනේ.

ඒ අනුව එළවළු, පළතුරු, මාළු සහ බේකරි නිෂ්පාදන ඇතුළු වෙනත් ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ජංගම වෙළදුන් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපැදිය යුතු බවද පොලිසිය අවධාරණය කරනවා. පිරිසිදු ඇදුමින් සැරසී සිටීම, පා වැසෙන සේ සපත්තු හෝ පාවහන් පැලදීම , මුඛ ආවරණයක් හා අත් ආවරණයක් පැළදීම මෙන්ම විෂබීජානුහරණ දියර භාවිත කිරිමද වැදගත්.

පිසූ ආහාර හා බේකරි නිෂ්පාදන පාර්භෝගිකයන් වෙත ලබාදීමට උපකරණ භාවිත කළයුතු බවද පොලිසිය පෙන්වා දෙනවා. මුදල් ස්පර්ෂ කරන අතින් ආහාර ද්‍රව්‍ය ඇල්ලීමෙන් වළකින ලෙසටයි උපදෙස් දි තිබෙන්නේ.

පාරිබෝගික ජනතාවට ආහාර ඇල්ලීමට ඉඩ නොදිය යුතු අතර මීටරයක පරතරය පවත්වා ගැනීමට ද ජංගම වෙළදුන් කි‍්‍රයාකළයුතු බවයි පොලිසිය සදහන් කරන්නේ. අද(22) සිට මෙම උපදෙස් කඩ කරන ජංගම වෙළදුන්ගේ ඇදිරි නීති බලපත‍්‍රය අවලංගු කරන බවද පොලිසිය අවධාරණය කළා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2020 09:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්