fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොලේ සියලු ව්‍යාපාරිකයන් PCR පරික්ෂණයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2020 08:54

පෑලියගොඩ මත්ස්‍ය වෙලදපොල සිල්ලර වෙළදාම වෙනුවෙන් තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ කොරෝනා ආසාදිත ව්‍යාපාරිකයෙකු පිලියන්දල ප‍්‍රදේශයෙන් හමුවීම හේතුවෙන්.

ඔහු පෑලියගොඩ මත්ස්‍ය වෙලදසැල සමඟ සම්බන්ධව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන පුද්ගලයෙකු බව හෙළි වුණා. ඒ අනුව පෑලියගොඩ මත්ස්‍ය වෙලදපොලේ සියලු ව්‍යාපාරිකයන් උදෑසන සිට පීසිීආර් පරික්ෂණයට යොමු කෙරෙනවා.

මත්ස්‍ය වෙළදපළ නාවික හමුදාව මගින් විෂබීජ හරණයටද ලක්කෙරුණා. පිලියන්දල මත්ස්‍ය ව්‍යාපාරිකයා සමඟ සමීප සබඳතා පැවැත්වූ පිිරිසක් ස්වයං නිරෝධායනයටද ලක්කෙරුණා.

අදාල ව්‍යාපාරිකයාට අයත් වෑතර ප‍්‍රදේශයේ මත්ස්‍ය අලෙවි සැලෙන් මාළු මිලදී ගත් පුද්ගලයන් සිටී නම් ඒ පිළිබද වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙසයි දැනුම් දි තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2020 08:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්