පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 පැවැත්වීමට අවශ්‍ය ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා.
මේ අතර පක්ෂ නායකයින් හා පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසම වෙත අද කැඳවා තිබුණා. අද පස්වරුවේ කොරෝනා මර්දන ජාතික මධ්‍යස්ථානයේ නියෝජිතයින් හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් ද පැවැත්වුණා.
පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වනදා පැවැත්වෙන බවට ජාතික මැතිවරණ කොමිසම නිවේදනය කළේ ඊයේ දිනයේදීයි. මැතිවරණයට අදාළවයි පක්ෂ නායකයින් හා ලේකම්වරුන් මෙසේ කැඳවා තිබුණේ. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු කොමිසමේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙනුයි මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වුණේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/ouxmIJcPJFI”]
මේ අතර කොරෝනා ව්‍යසනය හමුවේ මැතිවරණ කටයුතු සිදුකෙරෙන්නේ කෙසේ ද යන්න පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා. ඒ මැතිවරණ කොමිෂන් සභාව හා කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ නියෝජිතයන් අතරයි. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා , වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න යන මහත්වරුන් ද ඊට එක්ව සිටියා.