fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රන්ජන් රාමනායක ඇපමත මුදා හැරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2020 13:26

රක්‍ෂිත බන්ධනාගාරගත සිටි හිටපු පාරිලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.

පොලිස් රාජකාරියට බාධා කිරීම , සාපරාධී බලහත්කාරය , නිරෝධායන නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේයි රන්ජන් රාමනායක මහතා පසුගිය  13 වනදා අත්අඩංගුවට ගැනුණේ.

ඔහු පසුගිය 14 වනදා  ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා. ඒ අනුව අදාළ නඩුව ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවූ අවස්ථාවේ සැකකාර හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.නඩුව සැප්තැම්බර් 28 වනදා යළි කැඳවීමට නියමිතයි.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2020 13:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්