වසා දමා තිබූ කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘත කෙරේ
Related Articles
දින කිහිපයක් වසා දමා තිබූ කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානය අද යළි විවෘත කෙරුණා.
උඩරට එළවළු රට පුරා බෙදා හරින ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය ලෙසයි කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානය සැලකෙන්නේ. ඇඳිරිනීතිය ලිහිල් කිරීමට රජය ගත් තීරණයත් සමඟ සෞඛ්යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මෙම ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කිරීමට තීරණය කෙරුණා. ඒ බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. ගොවීන්ගේ එළළුළු තොග මිලදි ගැනිම පෙරවරු හතේ සිට දහවල් 12 දක්වා සිදුවනවා. දහවල් 12 සිට පස්වරු 6 දක්වා පිට පළාත්වලින් මෙම මධ්‍යස්ථානයට පැමිණෙන වාහන සඳහා එළවළු පැටවීමට අවස්ථාව සලසා දීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ අතර වව්නියාව පොදු වෙළෙඳපොළට එළවළු තොග වැඩි වශයෙන් ලැබෙමින් පවතිනවා. යාපනය දිස්ත්‍රික්කයෙන් එළවළු මෙන්ම පළතුරු ද වව්නියාව වෙළෙඳපොළ වෙත රැගෙන ඒමටයි ගොවීන් කටයුතු කර ඇත්තේ. තොග වෙළෙඳුන් එළවළු මිලදී ගැනීම සුපුරුදු පරිදි ආරම්භ කර තිබෙනවා.