ගෙවී ගිය පැය 24 ක කාලය තුළ ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයන් 976 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ රථ වාහන 195 ක් ද පොලිස් භාරයට ගත් බවයි. ඒ අනුව ඇඳිරිනීතිය කඩ කිරීම හේතුවෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 34 131 ක්. රථ වාහන 8714 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.