ඇඳිරිනීතිය තාවකාලිකව ඉවත් කෙරුණු ප්‍රදේශවල බස් හා දුම්රිය ධාවනය ආරම්භ වී තිබෙනවා.
එමෙන්ම ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නගර කරා පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. සෞඛ්‍ය අංශ නිකුත් කළ ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් ජනතාව කටයුතු කළ යුතු බව රජය අවධාරණය කරනවා.
ඇඳිරිනීතිය ලිහිල් කළ ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා. බස් රථ හාරදහස් හත්සියයක් ධාවනයට එක් කිරීමට පියවර ගෙන ඇති බවයි ලංකා ගමනා ගමන මණ්ඩලය පවසන්නේ.