fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදන ධාරිතාව වැඩිකෙරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2020 19:05

කොවිඩ් 19 වසංගතය හමුවේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදන ධාරිතාව වැඩි කර තිබෙනවා.

රට තුළ දේශීය ඖෂධ අවශ්‍යතාවයෙන් 20% ක් පමණ දේශීයව නිපදවන අතර එය 60% ත් 75% ත් දක්වා ඉහළ නැංවීම රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ අපේක්ෂාවයි.

රත්මලානේ පිහිටි එම සංස්ථාව වෙත පැමිණි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොරෝනා වෛසරය හමුවේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සිදු කළ සේවය ඇගයීමට ලක් කළා. නිෂ්පාදන කටයුතුද අමාත්‍යවරියගේ නිරීක්ෂණයට ලක් වුණා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2020 19:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්