fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා මර්දනයට ශ්‍රී ලංකාව ගත් ක්‍රියාමාර්ග ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පැසසුමට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2020 18:58

කොරෝනා මර්දනයට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පැසසුමට ලක්ව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් එම සංවිධානය ශ්‍රී ලංකාවට තම සතුට පළකරන බව එහි ශ්‍රී ලංකා හා මාලදිවයින් භාර අධ්‍යක්ෂිකා සම්රින් සිං මහත්මිය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවේ ප්‍රකාශ කළා. ඒ කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

මෙහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ මෙවැනි ව්‍යසනයක් හමුවේ ශ්‍රී ලංකාව සේවක වැටුම් ගෙවීම් වෘත්තීය සුරක්ෂිතතාව හා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නිසි ලෙස පවත්වාගෙන යාමට මෙතෙක් ගෙන ඇති පියවර ප්‍රසංසනීය බවයි. සමස්ථ ලෝකයම අර්බුදයකට ලක්ව ඇති අවස්ථාවක ශ්‍රී ලංකා රජය රටේ ආර්ථිකය නගා සිටුවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී කරුණු  පැහැදිලි කළා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2020 18:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්