කොරෝනා වෛරසය ආසාදිතයෙකු ඇසුරු කළ පුද්ගලයින් 06ක් නිරෝධායනය කිරීමට නාවික හමුදාව අද ( 18)කටයුතු කළා.
කොරෝනා වෛරසය ආසාදිතයින් සමඟ සමීප සබඳතා පැවැත්වූ කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින් සොයා නාවික හමුදා බුද්ධි මෙහෙයුම් දියත් කර තිබෙනවා.
එම මෙහෙයුම් මගින් අද ( 18) සොයාගත් වෛරසය ආසාදිතයින් සමඟ සමීප සබඳතා පැවැත්වු පුද්ගලයින් ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, මාලිගාවත්ත සහ පුංචි බොරැල්ල යන ප්‍රදේශවල පදිංචි කරුවන්.
එලෙස හදුනාගත් මෙම පිරිස ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යමය හේතූන් මත නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීම සඳහා පූර්ණ විෂබීජහරණකට ලක් කිරීමෙන් අනතුරුව වැලිසර නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා.