fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය දිනපතා විවෘතයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 18, 2020 13:07

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය දිනපතා විවෘතව පවතින බව එහි කළමණාකරු ප්‍රෂාන් ඉන්ද්‍රජිත් මහතා පවසනවා.

කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමේ පියවරක් ලෙස පිටකොටුව මැනිං වෙළදපොල මේ වන විට වසා තිබෙනවා. එහෙත් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය විවෘතව තිබෙනවා. ඒ හේතුවෙන් දුර බැහැර ප්‍රදේශවල සිට එළවලු සහ පළතුරු ආදිය නාරාහේන්පිට ආර්ථීක මධ්‍යස්ථානය වෙත දින පතා ලැබෙමින් පවතිනවා.

මෙම තත්ත්වය මත ජනතාවට උසස් තත්ත්වයේ එළවලු සහ පළතුරු ආදිය බෙදා හැරීමද හැකි වී ඇති බවයි නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කළමණාකරු ප්‍රෂාන් ඉන්ද්‍රජිත් මහතා පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 18, 2020 13:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්