fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයෙන් තවත් මෙටි‍්‍රක් ටොන් 16 ක වෛද්‍ය උපකරණ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 18, 2020 09:47

චීනය පර්ත්‍යාග කළ තවත් මෙටි‍්‍රක් ටොන් 16ක වෛද්‍ය උපකරණ තොගය ශ්‍රී‍්‍ර ලංකාවට ලැබී තිබෙනවා.

උපකරණ තොගය රැගත් චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම් යු 231 ගුවන් යානය ඊයේ (17) රාති‍්‍රයේ කටුණායක ගුවන්තොටුපළට ලගා වුනා. චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි මෙම ගුවන් යානයෙන් කොවිඩ් නයින්ටීන් වයසන්ගත රෝගී තත්වය මර්දනය කිරිම සදහා අවශ්‍ය උපකරණ රැසක් ලැබී තිබෙනවා.

ඒවා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දීමට කටයුතු කරන බවයි චයිනා ඊස්ටන් ගුවන් සේවයේ කටුණායක කළමනාකරු යූස්ටස් සිල්වා මහතා සදහන් කළේ. වෛද්‍ය උපකරණ තොගය රැගන ආ ගුවන් යානය ඊයේ (17)  රාති‍්‍රයේ ම මගීන් 170ක් රැගෙන චීනයේ ෂැංහයි නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 18, 2020 09:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්