fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රිවිද හමුදාව ඕනෑම දේකට ඔරොත්තු දෙන වෙනම ගෝත්‍රයක් – ආරක්ෂක ලේකම්ගෙන් අලුත් කතාවක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2020 18:58

ආරක්‍ෂක හමුදාව යනු රැකියාවක් නොව ඕනෑම ව්‍යසනයකදී ජනතාවත් රටත් දෙපයින් නගාසිටුවන වෙනම ගෝත්‍රයක් බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

කෙරෝනා හමුවේ බලවත් රටවල් පරාජය වෙද්දී මෙරට කොරෝනා වෛරසය පාලනය කිරීමේ ගෞරවය සෞඛ්‍ය අංශ හා ආරක්‍ෂක අංශවලට හිමිවිය යුතු බවයි කිලිනොච්චියේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ.

ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා උතුරේ සංචාරයක අද (17) නිරත වුණා. කොරෝනා වසංගතය පාලනය සඳහා අසීමිත කැප කිරීම් කරමින් උතුරු පළාතේ රැඳී සිටින ත්‍රිවිධ හමුදාව,  පොලීසිය,  සිවිල් ආරක්‍ෂක බලකාය යන අංශවල සුවදුක් විමසා බැලීම මෙන්ම ගැටලු නිරාකරණය කිරීම සංචාරයේ අරමුණයි.

යාපනය,  කිලිනොච්චිය,  මුලතිව් යන ප්‍රදේශවලදී ආරක්‍ෂක හමුදාව හමුවීමට ද ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී පියවර ගත්තා. දින ගණනාවක් පුරා වසා ඇති යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටලු පිළිබඳව ද ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී සොයා බැලුවා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2020 18:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්