දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (17) පස්වරු දෙකෙන් පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණ යන පළාත්වල මිලිලීටර 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු මගින් මෙන්ම තාවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.