fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෝපිකඩේ අප්පුවාගේ චරිතය නිරූපනය කළ ශ්‍රී‍්‍රලාල් අබේකෝන්ගේ අවසන් කටයුතු අද

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2020 11:33

කෝපිකඩේ ටෙලිනාට්‍යයේ අප්පුවාගේ චරිතය නිරූපනය කළ ශ්‍රී‍්‍රලාල් අබේකෝන් මහතාගේ අවසන් කටයුතු අද (17)  සිදු කෙරෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 72ක්. ප‍්‍රකට නූර්ති ගායන ශිල්පියෙකු ද වන ශ්‍රී‍්‍රලාල් අබේකෝන් මහතා වසර තිහකට වැඩි කාලයක් කෝපිකඩේ අප්පුවාගේ චරිතය නිරූපනය කරමින් පේ‍්‍රක්ෂක ජනතාව අතර ඉතා ජනපි‍්‍රයත්වයට පත්ව සිටියා.
ආසියාවේ දිීර්ඝතම ටෙලිනාට්‍යය ලෙස සැලකෙන ස්වාධීන රූපවාහිනි සේවයේ කෝපිකඩේ ටෙලිනාට්‍යයේ අප්පුවාගේ චරිතය බොහෝ පේ‍්‍රක්ෂකයන්ගේ සිත දිනාගත් චරිතයක්. එම චරිතයට පන පෙනවූ ශ්‍රී‍්‍රලාල් අබේකෝන් නූර්ති ගායන ශිල්පියෙකු ලෙසද ජනපි‍්‍රයත්වයට පත්වුණා. ගායන ශිල්පි නිහාල් නෙල්සන්ගෙන් පසුව කැසට් පට සදහා ගීත 500ක් ගායනා කළ මෙරට එකම ගායන ශිල්පියා වන්නේ ද ශ්‍රී‍්‍රලාල් අබේකෝන්.

ඔහු ශ්‍රී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ නූර්ති ගායන ශිල්පියෙකු ද වනවා. රටවල් 35කට වැඩි සංඛ්‍යාවක සංගීත ප‍්‍රසංග වලට ද ඔහු සහභාගි වුණා. චිත‍්‍රපට සහ ටෙලිනාට්‍යය රැසකට ද රංගනයෙන් දායකතවූ ශ්‍රී‍්‍ර ලාල් අබේකෝන් මහතාගෙන් හාස්‍ය උත්පාදක නිර්මාණ වලට ද ඉහල දායකත්වයක් හිමිවුණා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2020 11:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්