fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසාදිතයින් ලක්ෂ 07ක් වෙද්දී ට්‍රම්ප් ඇමෙරිකාව විවෘත කිරීමට සූදානම්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2020 11:40

කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩලීමට වසා දමා ඇති ඇමෙරිකාව අදියර කිහිපයක් යටතේ විවෘත කිරීමට සූදානම් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

අදියර 3 ක් යටතේ ආර්ථික කටයුතු සඳහා ප්‍රාන්ත විවෘත කිරීමට ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපතිවරයා ධවල මන්දිර මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේ.

විවෘත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ සම්පූර්ණ බලතල ආණ්ඩුකාරවරුන්ට පවරා තිබෙනවා.

එමෙන්ම ඊට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දීමට ප්‍රාන්ත රජයට අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙන බවයි බලධාරීන් පවසන්නේ.

එහි පළමු පියවර යටතේ මෙම මස අග භාගයේදී ප්‍රාන්ත කිහිපයක් විවෘත කිරීමට නියමිතයි.

වැඩිම ආසාදිතයින් ගණන සහ මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. ඒ කොවිඩ්19 ආසාදිතයින් 678,210 සහ කොවිඩ්19 මරණ 34,641ක් ලෙසයි.

නිව්යෝර්ක් නුවරින් පමණක් කොවිඩ්19 ආසාදිතයින් 226,198 සහ කොවිඩ්19 මරණ 16,106ක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අප්‍රියෙල් 16 දින පමණක් කොවිඩ්19 ආසාදිතයින් 29567 සහ කොවිඩ්19 මරණ 2174ක් වාර්තා වනවා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2020 11:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්